ඌව පළාත් සභාවේ ස්ථාපිත කර තිබෙන කාරක සභා හා එහි කාර්යභාරය
කාරක සභාවේ නම |
මන්ත්‍රී සංඛ්‍යාව |
කරනු ලබන කාර්යය |
සභා කටයුතු පිළිබඳ කාරක සභාව |
07 |
මහ සභාවට ඉදිරිපත් කරනු ලබන යෝජනා, ප්‍රශ්න හා අනෙකුත් වාර්තා ඇතුළත් කර මහ සභාවේ න්‍යාය පත්‍රය සකස් කිරීමේ කාර්යය හා විවාද සඳහා වේලාවන් වෙන් කිරීම යෝජනා කරනු ලබයි. |
මහ කාරක සභාව |
07 |
ඌව පළාත් සභාවට ඉදිරිපත් කරනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරිමේ කාර්යභාරය පිළිබඳව කටයුතු කරනු ලැබේ. |
යෝජිත ව්‍යවස්ථා හා රීති පිළිබඳ කාරක සභාව |
07 |
පළාත් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබෙන ප්‍රඥප්තිවල ව්‍යවස්ථානුකුලභාවය පරික්ෂා කිරීම හා සභාවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම. |
කාර්ය පරිපාටි රීති පිළිබඳ කාරක සභාව |
07 |
කාර්ය පරිපාටි රීති සංග්‍රහය සංශෝධනය කිරීමට අදාළ කාර්ය භාරය මෙම කාරක සභාවට පැවරි ඇත. |
පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාව |
07 |
වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාවල සඳහන් ජේදයන් පිළිබඳව විභාග කිරීම හා ඒ පිළිබඳව ඉදිරි කටයුතු කිරීම. |
මහජන පෙත්සම් කාරක සභාව |
07 |
ගරු පළාත් සභා මන්ත්‍රීවරුන් මගින් ඉදිරිපත් කරනු ලබන පෙත්සම් විභාග කිරීම හා ඒ පිළිබඳව තීරණය කිරීම. |
පොදු පහසුකම් හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව |
07 |
ගරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, දීමනා සම්බන්ධයෙන් කටයුතු කිරීම. |