Select Page

පළාත් සභාව පිහිටුවීම

1978 ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ XVII අ පරිච්ඡේදයේ 154 අ වගන්තියෙන් පිහිටුවා ඇත.

පළාත් සභා ක‍්‍රමය ස්ථාපිත කිරීම හා එය පවත්වාගෙන යාම සඳහා අදාල කර ගෙන තිබෙන මූලාශ‍්‍ර

  1. 1978 ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා එහි දහතුන්වන සංශෝධනය
  2. 1987 අංක 42 දරන පළාත් සභා පනත
  3. 1988 අංක 37 දරන වැටුප් හා දීමනා ගෙවීමේ පනත
  4. 1989 අංක 12 දරන පළාත් සභා අනුෂාංගික විධිවිධාන පනත
  5. 1989 අංක 27 දරන පළාත් සභා සංශෝධන පනත
  6. 1989 අංක 28 දරන පළාත් සභා සංශෝධන පනත
  7. ඌව පළාත් සභාවේ කාර්ය පරිපාටි රීති සංග‍්‍රහය

පළාත් සභාවක ධූර කාලය

පළාත් සභාවක ධූර කාලය සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ඉ වගන්තියේ සඳහන් වන ආකාරයට වසර 5කි. එකී පනතේ ‍ෙමසේ සඳහන් වේ.

” පළාත් සභාවක කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස එම පළාත් සභාවේ පළමු රැස්වීම් සඳහා දින නියම කරන ලද දින සිට අවුරුදු පහක (05) කාලයක් ඒ සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විටම එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය. “

ඌව පළාත් සභාවේ කාර්ය පරිපාටි රීති සංග‍්‍රහය

පළාත් සභාව රැස්වීමක් පවත්වා ගෙන යාමට අදාල නීති කාර්ය පරිපාටි රීති සංග‍්‍රහයේ සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කරන්නේ යම්සේද ඒ ආකාරයට පළාත් සභාව කටයුතු පවත්වාගෙන යාම සඳහා කාර්ය පරිපාටි රීති සංග‍්‍රහය යොදා ගනී.