Select Page

1978 ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ XVII අ පරිච්ඡේදයේ 154 අ වගන්ති යටතේ පළාත් සභා පිහිටුවා ඇති අතර, පළාත් සභා ක‍්‍රමය පවත්වාගෙන යාම සඳහා පහත නෛතික විධිවිධාන සැලසී ඇත.

  1. 1978 ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා එහි දහතුන්වන සංශෝධනය
  2. 1987 අංක 42 දරන පළාත් සභා පනත
  3. 1988 අංක 37 දරන වැටුප් හා දීමනා ගෙවීමේ පනත

            මෙම පනත පළාත් සභාවක ගරු ආණ්ඩුකාරතුමා, ගරු ප්‍රධාන අමාත්‍යතුමා, ගරු අමාත්‍ය මණ්ඩලය හා ගරු මන්ත්‍රීවරුන්ට අදාළ දීමනා ගෙවීමට අදාළ වේ.

  1. 1989 අංක 12 දරන පළාත් සභා අනුෂාංගික විධිවිධාන පනත
  2. 1989 අංක 27 දරන පළාත් සභා සංශෝධන පනත
  3. 1989 අංක 28 දරන පළාත් සභා සංශෝධන පනත
  4. ඌව පළාත් සභාව කාර්ය පටිපාටි රීති සංග්‍රහය

 

  • පළාත් සභාවක ධුර කාලය

පළාත් සභාවක ධූර කාලය සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ඉ වගන්තියේ සඳහන් වන ආකාරයට වසර 5කි. එකී පනතේ ‍මෙසේ සඳහන් වේ.

 

” පළාත් සභාවක කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස එම පළාත් සභාවේ පළමු රැස්වීම් සඳහා දින නියම කරන ලද දින සිට අවුරුදු පහක (05) කාලයක් ඒ සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විටම එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය. “

 

  • පළාත් සභාවේ මන්ත්‍රී සංයුතිය

දිස්ත්‍රික්කය

ජන්දයෙන් තෝරා ගන්නා ලද සංඛ්‍යාව

ප්‍රසාද ආසන

 

මුළු මන්ත්‍රී සංඛ්‍යාව

බදුල්ල

18

 

02

මොනරාගල

14

ඌව පළාත් සභාව

32

02

34

 

  • පළාත් සභා පැවති නිල කාලයන්

පළමු වන පළාත් සභාව

1998.05.12 – 1993.03.16

දෙවන පළාත් සභාව

1993.05.27 – 1998.06.06

තෙවන පළාත් සභාව

1999.04.26 – 2004.04.25

සිව්වන පළාත් සභාව

2004.08.05 – 2009.05.28

පස්වන පළාත් සභාව

2009.09.02 – 2014.07.11

හයවන පළාත් සභාව

2014.10.09 – 2019.10.08