Select Page

පළාත් සභාව රැස්වීමක් පවත්වා ගෙන යාමට අදාල නීති කාර්ය පටිපාටි රීති සංග‍්‍රහයේ සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කරන්නේ යම්සේද ඒ ආකාරයට පළාත් සභාව කටයුතු පවත්වාගෙන යාම සඳහා කාර්ය පටිපාටි රීති සංග‍්‍රහය යොදා ගනී. පළාත් සභාවක් සඳහා කාර්ය පටිපාටි රීති සංග්‍රහයක් සකස් කිරීම සම්බන්ධයෙන් පළාත් සභා පනතේ 11 වන වගන්තියේ මෙසේ දක්වා ඇත.

“ පළාත් සභාවක් විසින් මේ පනතේ විධිවිධාන වලට යටත්ව එහි කාර්ය පටිපාටිය හා කටයුතු විධිමත් කිරීම සඳහා රීති සෑදිය හැකිය.”

ඉහත වගන්තියට අනුව ඌව පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහය සකස් කර ඇත.