Select Page

කාර්යභාරය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, දහතුන්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 1987 අංක 42 දරන පළාත් සභා පනත හා එහි සංශෝධන පනත්, ඌව පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ සඳහන් නෛතික ප්‍රතිපාදනයන්ට අනුකූලව පළාත් සභා රැස්වීම් හා  කාරක සභාවල කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම.

ඉහත සදහන් නෛතික ලේඛනයන්හි සඳහන් ප්‍රතිපාදනයන්ට අනුව ප්‍රඥප්ති, රීති, පරිපූරක ඇස්තමේන්තු, වාර්ෂික මුදල් ප්‍රකාශය, ප්‍රතිපත්ති ප්‍රකාශ සභාවට ඉදිරිපත්කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පළාතේ සංවර්ධනයට අවශ්‍ය වන්නා වූ  ප්‍රතිපත්තීන් සම්මත කර ගැනීමට දායක වීම. එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් පළාතේ ජනතාව විසින් මූහුණ දෙනු ලබන ගැටළු,  හා යෝජනා  පළාත් සභාවට හා කාරක සභාවන්ට ඉදිරිපත් කර ඒවාට විසඳුම් හෝ ඊට අදාළවන්නා වූ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අවකාශ සළසා දීම.

පළාත් සභා මැතිවරණය අවසන් වූ පසුව පළාත් සභා මන්ත්‍රීවරුන් වශයෙන් පත් කිරීම,ඉවත් කිරීම, පුරප්පාඩු පිරවීම වැනි කාර්යයන්වල දී මැතිවරණ කොමිෂන් සභාව ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.

ඉහත සඳහන් අවස්ථාවල දී ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග වෙතොත්  එහි දී නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධිකරණය කරමින් එයට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනිම.

ඒ ඒ වර්ෂයන්ට අදාළව ඉදිරිපත් කරනු ලබන විගණකාධිපති වාර්තා පළාත් සභාවට ඉදිරිපත් කිරීම හා ඉන් අනතුරුව එකී වාර්තා පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ  නවවන උප ලේඛනයේ සමගාමි ලැයිස්තුවේ  සඳහන් විෂයයන්ට අදාළව පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් සඳහා පළාත් සභාවේ අදහස ද  එකී ලැයිස්තුවේ සඳහන් විෂයයන්ට අදාළව පළාත් සභාව විසින් සකස් කිරීමට අපේක්‍ෂා  කරනු ලබන ප්‍රඥප්ති කෙටුම්පත් සඳහා පාර්ලිමේන්තුවේ අදහස ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.

1987 අංක 42 දරන පළාත් සභා පනත හා ඌව පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති  සංග්‍රහයට අනුව පවත්වනු ලබන පළාත් සභාවේ රැස්වීම්වල දී ඉදිරිපත් කරනු ලබන අදහස් ඇතුළත් පළාත් සභා නිලවාර්තා (Official Report) සකස් කිරීමේ කාර්යභාරය හා වගකීම මෙම කාර්යාලයට පැවරී ඇත. සභා රැස්වීම් පටිගත කිරීම/රැස්වීම් වාර්තා පරිගණකගත කිරීම/ නිල වාර්තා පිටපත් කිරීම හා නිල වාර්තා ගරු මන්ත්‍රීවරුන්ට, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත ලබා දීම. පළාත් සභා නිලවාර්තාවේ  (Official Report) මුල් පිටපත නෛතික ලේඛනයක් ලෙස ලේඛණාගාරයේ තබා ඇති අතර, පළාත් සභාව ආරම්භයේ සිට මේ දක්වා සියළුම නිලවාර්තාවල මුල් පිටපත නෛතික ලේඛනයක් ලෙස ලේඛණාගාරයේ සුරක්‍ෂිතව තැබීම.

පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා පහසුකම් ද පෞද්ගලික කාර්ය මණ්ඩලවලට අවශය පහසුකම් සලසා දීම.

ආයතනයේ ගිණුම් කටයුතු, ආයතන කටයුතු හා සභා කටයුතු නීති, රීති හා ව්‍යවස්ථාවන්ට අනුකූලව පවත්වාගෙන යාම.