Select Page

අරමුණු

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය හා 1987 අංක 42 දරන පළාත් සභා පනතට අනුව, ඌව පළාතේ සමාජ ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන්හි  ප්‍රශස්ත මට්ටමේ වර්ධනය ඇති කරලීමේ  අරමුණ ඇතිව වඩාත් ඵලදායි ආකාරයෙන් පළාත් සභා රැස්වීම් පැවැත්වීම.

ඌව පළාතේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන තත්ත්වයන්හි ප්‍රශස්ත මට්ටමේ වර්ධනය ඇති කරලීමේ අරමුණ ඇතිව වඩාත් ඵලදායී ආකාරයෙන් පළාත් සභා විෂය ක්ෂේත්‍රයට අදාළව සකස් කරනු ලබන ප්‍රඥප්ති පළාත් සභාවේ අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබා දීම.

පළාත් සභා කටයුතු සිදු කිරීමේදී ස්ථාපිත කළ යුතු රීතීන්, කාර්ය පටිපාටි පිළිබඳව අවධානය යොමු කිරීම, පළාතේ මහජනතාවට සිදුවන විවිධ අසාධාරණයන්  හා නොසලකා හැරීම්වලදී ඊට මැදිහත් වී සාධාරණ විසඳුම් ලබාදීම සඳහා කාරක සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම. ඵලදායිතා දර්ශක අනුව උපරිම ඵලදායිතාවය ඇති ආයතනයක් බවට පරිවර්තනය කිරීම.

ප්‍රශස්ත මට්ටමේ පළාත් සභා ක්‍රමයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම.

පළාත් මුදල් රීති සංග්‍රහයට අනුකූලව කාර්යක්ෂම හා ඵලදායී ලෙස මූල්‍ය සම්පත් ප්‍රයෝජනයට ගැනීම මඟින් ප්‍රශස්ත මුල්‍ය කළමනාකරණයක් ඇති කිරීම. හා විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු සිදු කිරීම.

සේවාලාභීන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීමට ඉවහල් වන මානව සම්පත ඵලදායී ලෙස යොමු කිරීම හා ඊට අවශ්‍ය ආයතන හා භෞතික පහසුකම් සම්පාදනය කිරීම.