Select Page

පළාත් සභාවක සභාපතිධූරය පිළිබඳව 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ (II වන කොටසේ) 7 වන වගන්තියේ සඳහන් කර ඇත.

  • පළාත් සභා ඡන්දයක් අවසන්වීමෙන් පසුව පැවැත්වෙන ප‍්‍රථම මහ සභා රැස්වීමේදී ගරු සභාපතිතුමා පත් කර ගනු ලැබේ.
  • ගරු සභාපතිතුමා පළාත් සභා රැස්වීම් වල මූලාසනය ගනු ලබන අතර, සභාව පවත්වාගෙන යාමේදී ඌව පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග‍්‍රහයට අනුව කටයුතු කළ යුතුය.
  • පළාත් සභාවේ කාර්ය පටිපාටි රීතිවලට අනුව මහ සභා රැස්වීම් හා කාරක සභා රැස්වීම් පවත්වාගෙන යාමේ වගකීම ගරු සභාපතිතුමා වෙත පැවරී තිබේ.
  • ප‍්‍රඥප්ති පළාත් සභාව විසින් අනුමත කළ බවට පිටසන් කර ගරු ආණ්ඩුකාරතුමා වෙත ලබා දිය යුතුය.
  • පළාත් සභාව විසුරුවා හරිනු ලැබූ කවර අවස්ථාවක් වූවද එය විසුරුවා හරිනු ලැබීමෙන්පසුව ප‍්‍රථම රැස්වීම පවත්වන තෙක් සභාපති ධූරයේ කටයුතු කළ යුතුය.
  • පළාත් සභාවේ සභාපතිවරයාට වැටුප් හා දීමනා ගෙවිම පිළිබඳව ප‍්‍රඥප්ති මගින් හෝ අතිගරු ජනාධිපතිතුමාගේ නියමයන් මගින් නිශ්චිත කරන වැටුප් හා දීමනා ගෙවනු ලැබිය යුතුය.