Select Page

ඌව පළාත් සභාවේ ස්ථාපිත කර තිබෙන කාරක සභා හා එහි කාර්යභාරය

කාරක සභාවේ නම

මන්ත්‍රී සංඛ්‍යාව

කරනු ලබන කාර්යය

සභා කටයුතු පිළිබඳ කාරක සභාව

07

මහ සභාවට ඉදිරිපත් කරනු ලබන යෝජනා, ප්‍රශ්න හා අනෙකුත් වාර්තා ඇතුළත් කර මහ සභාවේ න්‍යාය පත්‍රය සකස් කිරීමේ කාර්යය හා විවාද සඳහා වේලාවන් වෙන් කිරීම යෝජනා කරනු ලබයි.

මහ කාරක සභාව

07

ඌව පළාත් සභාවට ඉදිරිපත් කරනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරිමේ කාර්යභාරය පිළිබඳව කටයුතු කරනු ලැබේ.

යෝජිත ව්‍යවස්ථා හා රීති පිළිබඳ කාරක සභාව

07

පළාත් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබෙන ප්‍රඥප්තිවල ව්‍යවස්ථානුකුලභාවය පරික්ෂා කිරීම හා සභාවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම.

කාර්ය පරිපාටි රීති පිළිබඳ කාරක සභාව

07

කාර්ය පරිපාටි රීති සංග්‍රහය සංශෝධනය කිරීමට අදාළ කාර්ය භාරය මෙම කාරක සභාවට පැවරි ඇත.

පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාව

07

වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාවල සඳහන් ජේදයන් පිළිබඳව විභාග කිරීම හා ඒ පිළිබඳව ඉදිරි කටයුතු කිරීම.

මහජන පෙත්සම් කාරක සභාව

07

ගරු පළාත් සභා මන්ත්‍රීවරුන් මගින් ඉදිරිපත් කරනු ලබන පෙත්සම් විභාග කිරීම හා ඒ පිළිබඳව තීරණය කිරීම.

පොදු පහසුකම් හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

07

ගරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, දීමනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.