1978 ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ XVII අ පරිච්ඡේදයේ 154 අ වගන්ති යටතේ පළාත් සභා පිහිටුවා ඇති අතර, පළාත් සභා ක‍්‍රමය පවත්වාගෙන යාම සඳහා පහත නෛතික විධිවිධාන සැලසී ඇත.
- 1978 ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා එහි දහතුන්වන සංශෝධනය
- 1987 අංක 42 දරන පළාත් සභා පනත
- 1988 අංක 37 දරන වැටුප් හා දීමනා ගෙවීමේ පනත
මෙම පනත පළාත් සභාවක ගරු ආණ්ඩුකාරතුමා, ගරු ප්‍රධාන අමාත්‍යතුමා, ගරු අමාත්‍ය මණ්ඩලය හා ගරු මන්ත්‍රීවරුන්ට අදාළ දීමනා ගෙවීමට අදාළ වේ.
- 1989 අංක 12 දරන පළාත් සභා අනුෂාංගික විධිවිධාන පනත
- 1989 අංක 27 දරන පළාත් සභා සංශෝධන පනත
- 1989 අංක 28 දරන පළාත් සභා සංශෝධන පනත
- ඌව පළාත් සභාව කාර්ය පටිපාටි රීති සංග්‍රහය
- පළාත් සභාවක ධුර කාලය
පළාත් සභාවක ධූර කාලය සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ඉ වගන්තියේ සඳහන් වන ආකාරයට වසර 5කි. එකී පනතේ මෙසේ සඳහන් වේ.
” පළාත් සභාවක කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස එම පළාත් සභාවේ පළමු රැස්වීම් සඳහා දින නියම කරන ලද දින සිට අවුරුදු පහක (05) කාලයක් ඒ සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විටම එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය. “
- පළාත් සභාවේ මන්ත්‍රී සංයුතිය
දිස්ත්‍රික්කය |
ජන්දයෙන් තෝරා ගන්නා ලද සංඛ්‍යාව |
ප්‍රසාද ආසන |
මුළු මන්ත්‍රී සංඛ්‍යාව |
බදුල්ල |
18 |
02 |
|
මොනරාගල |
14 |
||
ඌව පළාත් සභාව |
32 |
02 |
34 |
- පළාත් සභා පැවති නිල කාලයන්
පළමු වන පළාත් සභාව |
1998.05.12 – 1993.03.16 |
දෙවන පළාත් සභාව |
1993.05.27 – 1998.06.06 |
තෙවන පළාත් සභාව |
1999.04.26 – 2004.04.25 |
සිව්වන පළාත් සභාව |
2004.08.05 – 2009.05.28 |
පස්වන පළාත් සභාව |
2009.09.02 – 2014.07.11 |
හයවන පළාත් සභාව |
2014.10.09 – 2019.10.08 |